Colombo Today Local News

කැලණි සරසවියේ අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේ ඇතුළු සිසුන් 6ක් අද අධිකරණයට..

කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේ ඇතුළු සිසුන් 6 දෙනා අද(20)දින මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඔවුන් ඊයේ රාත්‍රියේ විරෝධතාවක නිරත වුණේ අත්අඩංගුවට ගත්, ශිෂ්‍ය සංවිධාන කැඳවුම්කරු කැලුම් මුදන්නායක හා ශිෂ්‍ය ක්‍රියාකාරී දිල්ෂාන් හර්ෂණ යන දෙදෙනා වහා නිදහස් කරන්නැයි ඉල්ලමින් ය.

විරෝධතාවයේ නිරත සිසුන් පැවසුවේ, ඔවුන් අත්අඩංගුවට ගෙන දින 50ක් ගත වුවත්, කිසිදු සාධාරණ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

ඔවුන්, ඊට එරෙහිව විරෝධතාවයේ නිරත වුණේ, කොළඹ – මහනුවර මාර්ගය විශ්වවිද්‍යාල ඉදිරිපිටින් අවහිර කරමින් ය.

පසුව, සිසුන් විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය.

Related posts

ලාංකික ව්‍යාපාරිකයෙකු ඉන්දියාවේදී පැහැර ගනී..

Admin

බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 40ක් ආනයනයට අවසර

colombotoday

අලුත් ව්‍යවස්ථාව මර උගුලක් – අමරපුර ධර්මරක්ෂිත මහා නිකායත් විරෝධය පළකරයි !

colombotoday

රන්ජන් රාමනායක පිරිමි ගණිකාව, සෝමාගේ හොර මිනිහා – නිමල් ලංසා සහ රංජන් අතර ගැටුමක්

colombotoday

දඹුල්ල ආර්ථිකයට එළවලු කිලෝ ලක්ෂ 20ක්. | ලක්ෂ 100 ක් ලැබුණු බවට සඳහන් වාර්තා අසත්‍යයි.

colombotoday

මෙවර ලෝක සංචාරක රූ රැජින කිරුළ ලංකාවට

colombotoday