Colombo Today Local News

වැලිගම පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්වයක්

වැලිගම ප්‍රදේශයේ අවුරුදු 10 දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළැයි වැලිගම පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ තරුණයන් දෙදෙනෙකු නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අද (16 )දින පෙරවරුවේ වැලිගම පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත වී තිබේ.

උපකාරක පන්තියට යමින් සිටියදී කිසියම් තරුණයන් හතර දෙනෙකු දැරිය පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක් කොට ඇති බවද එ පිළිබඳ දින 14කට පමණ පසුව වැලිගම පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිසිය කියයි.

එ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වයස 20ක පමණ එම ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු පොලිසිය මගින් (15) පස්වරුවේදි අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ නමුත් ඔවුන් නිදහස් කරන ලෙසත් අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත් ඉල්ලා මෙම පිරිස විරෝධතාවක නිරත වී ඇත.

Related posts

වික්ටෝරියා ජලාශය ආසන්නයේ නව භූ කම්පන මාන 10ක්

colombotoday

මෙවර ඡන්ද පත්‍රිකාව අඩි දෙකක් දිගයි- මැකෝ

colombotoday

ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා ගැන චීනයේ ප්‍රතිචාරය

colombotoday

එන්නත් ලබාගෙන රටින් එන අය ගෙදරම නිරෝධායනයට

colombotoday

ගිනි ගත් ඉන්ධන නැවේ තෙල් කාන්දුව තවමත්

colombotoday

වකුගඩු රෝගීන්ට වෙන්කළ කෝටි 62න් සතයක්වත් එස්.බී. වකුගඩු රෝගීන්ට ලබා දී නෑ

colombotoday