Colombo Today Local News

මහනුවර දුම්රිය නිල නිවසේ අභිරහස් මරණයක් – නියාමකවරු දෙදෙනෙක් අත්අඩංගුවට

මහනුවර දුම්රිය නිල නිවාසයකට ඇතුළු වීමට උත්සහ කළ පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මරණයට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය නියාමකවරු දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි මියගිය පුද්ගලයා පසුගිය 13 වන දින දුම්රිය නිල නිවසකට ඇතුළු වීමට උත්සහ කළ අවස්ථාවේ නිවසේ තනිව සිටි තරුණියන් දෙදෙනකු බියට පත්ව කෑගසා ඇත.

එම හඬ ඇසී පැමිණි දුම්රිය නියාමකවරුන් දෙදෙනෙකු කළ පහර දීමකින් අදාළ පුද්ගලයා ඇද වැටී තුවාල ලබා තිබෙන බවට ලද තොරතුරු මත පොලිසිය විසින් සැකපිට නියාමකවරුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඔවුන් පවසා ඇත්තේ, තමන් මියගිය පුද්ගලයාට පහර නොදුන් බව ත් ඔහු නිල නිවසේ ඉහළ මහලින් ඇදවැටී තුවාල ලැබූ බවත් ය.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ඉවත් කරන්න මැතිසබයේ හෙට ඡන්දයක්

Admin

ගොනා කෝවිලේ අංජු සමග සබඳතා පැවැත්වූ ගල්කිස්ස පොලිසියේ හිටපු ස්ථානාධිපතිගේ වැඩ තහනම්

colombotoday

මැණිං වෙළදපොල වීවෘත කරන දිනය පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක්

colombotoday

ලක්ෂ 4ක ජනතාවක් අපේ FREE WI-FI වලින් ඉන්ටනෙට් එනවා…

colombotoday

ඇමති මාරුව විද්‍යාත්මක පදනමකින් කරන්න යයි… සමෘද්ධි, කම්කරු එජාපයට

colombotoday

පිටරටින් වැඩමවන බුදු පිළිම වහන්සේලා ගැන රජයෙන් නිවේදනයක්

colombotoday