Colombo Today Local News

ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපති සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා සහ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා අතර සුහද හමුවක් අද(1)දින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ප්‍රංශ – ශ්‍රි ලංකා රාජතාන්ත්‍රික සබඳතා පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා වූ අතර තවදුරටත් එම සම්බන්ධතා ශක්තිමත් කරගැනීම සඳහා සිය පූර්ණ සහය ලබා දෙන බව ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා ප්‍රකාශ කළේය.

එහිදී ශ්‍රී ලාංකිකයන් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස ප්‍රංශයේ දූපත් වලට ඇතුලුවීම වැලැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළේය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා පොලිස් නිළධාරීන් සඳහා පුහුණු වැඩමුළුවක් සංවිධානය කිරීමට සහයෝගය දැක්වීමට ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා මෙහිදී එකඟ විය.

Related posts

කරුණා ගැන ඥානසාර හිමි පැවසු බව සඳහන් කරමින් ව්‍යාජ ප්‍රකාශයක් අන්තර්ජාලයේ

colombotoday

ජනක රත්නායකට තර්ජනය කර කප්පම් ගත් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

හිජාස් හිස්බුල්ලා – මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම කල්දැමේ

colombotoday

මුලතිව්, කුරුන්තූර්මලෙයි පුරාවිද්‍යා කැණීමකට දෙමළ මහජන පෙරමුණේ විරෝධය.

colombotoday

මහ ඡන්දෙට මුද්‍රණ කටයුතු ඇරඹේ

Admin

එළුවන්ට රක්ෂණාවරණයක්

Admin