බුලත් කොරටුවක් තුළ ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය ගංජා වගාවක් වැටලීමට නාරම්මල පොලිසිය කටයුතු කර තිබේ.
ඒ පොලීසියට ලද තොරතුරකට අනුවයි.
අදාළ ඉඩම් හිමියා විසින් මෙම වගාව සිදු කර තිබූ අතර අඩි 10ක් පමණ උස ගංජා ගස් විශාල ප්රමාණයක් එහි තිබී සොයාගෙන ඇත.
ඉඩම් හිමි සැකකරු සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය විසින් එම ගංජා තොගය විනාශ කිරීමට පියවර ගෙන ඇත.