Colombo Today Local News

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නඩුව සිංගප්පූරු අධිකරණයට!

මෙරට බටහිර මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළ නඩුව සිංගප්පූරුවේ අධිකරණයක් හමුවේ පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මෙරටට සිදුවූ බවට ඇස්තමේන්තු කෙරෙන පරිසර හානියට අදාළව අමෙරිකානු ඩොලර් බිලියන 6 යි දශම 5 කට අධික වන්දි මුදලක් ලබාගැනීමට හැකියාව පවතින බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
එහි සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර පැවසුවේ පෙබරවාරි මස මැද භාගය වනවිට එම කටයුතු ආරම්භ කිරීමේ හැකියාව පවතින බවට නීතිපති දෙපාර්තමේන්තුව තමන් වෙත දැනුම් දී ඇති බවයි.

Related posts

අර්ජුන් ඇලෝසියස් මට කියක් දුන්නාදැයි මම දන්නෑ…

colombotoday

ජනපති අද එ.ජා. මහා මණ්ඩල සැසිය අමතයි

colombotoday

බදියුදීන් සතොසින් මහජන මුදල් බිලියන ගණන් හොරකම් කලා. සැගවී ඉන්නේ වැරදි කල බව දන්න නිසා.

colombotoday

පේරාදෙණිය උද්ඝෝෂණයට කදුළු ගෑස් ප්‍රහාර

colombotoday

සහල් අර්බුදය ඩඩ්ලි අතුළු පහේ කල්ලියේ වැඩක්

Admin

එජාපයේ ප්‍රතිපත්ති නිසා අධ්‍යාපන ලේකම් ඇතුළු අටදෙනකුගේ රථගායට රු.කෝටි 7 1/2ක් වියදම් කරලා…

colombotoday