Colombo Today Local News

අරගලයට නැවත පණ දෙන්න – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

නැවත අරගලය පණ ගන්වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගාලු මුවදොරින් පමණක් නොව පීඩනයට හසු වී තිබෙන සියලු ජනතාව විසින් එය කළ යුතුව තිබෙන බව කී ෆොන්සේකා මහතා අරගලයක් ඇවිත් රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුම බව කීය.

“ලංකාව දැන් ගරා වැටුණු වලව්වක් වගේ. පරම්පරා තුන හතරක් ගිය විට අත්තිවාරම ඌරු මීයෝ හාරනවා. පරාල වලට ගුල්ලෝ ගහනවා. බිත්ති වලට වේයෝ ගහනවා. ඇතුලෙ කාමර වල වවුල්ලු එල්ලිලා. මේ වවුල්ලු තමයි දේශපාලකයන් යනුවෙන්ද ෆොන්සේකා මහතා පැවසීය.

Related posts

තොණ්ඩාගේ සහය ගෝඨාට !

colombotoday

වස්කඩුව වෙරළ තීරයට මියගිය තල්මසෙකු ගොඩ ගසයි

Admin

ඇමති ජොන්ස්ටන් අල්ලස් කොමිසමේ නඩු තුනකින් නිදොස් කොට නිදහස්

colombotoday

හමුදාව සතු උතුරේ ඉඩම් ගැන TNA සාකච්ඡා.. පළාලි අධි ආරක්ෂිතයත් ඉවත් කරන්න ඉල්ලයි !

colombotoday

පොලිස් නිලධාරියගේ දුක්ගැනවිල්ලට පොලිස්පතිගේ විසදුම

Admin

පොල් වගා වනසන වදුරන්ට රිලවුන්ට පිරිත් පැන් ඉසිමු..- එස් බී දිසානායක

colombotoday