Colombo Today Local News

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කුණු බක්කියට දා වැඩ කළ හැකි අමාත්‍යවරයෙක් පත්කරන්න

විදුලිබල අමාත්‍යවරයා නීතියට පටහැනිව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කුණු බක්කියට දමන ලෙස ඉල්ලා සිටින බවත් සියලු දෙනාට වැඩ කළ හැකි විදුලිබල අමාත්‍යවරයෙක් පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා අද (3)දින පැවසීය.

විදුලිබල අමාත්‍යවරයා විදුලිබල පනත සහ ස්වාධීන කොමිෂන් සභා මඟ හරිමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ඇතුළු බොහෝ දෙනෙකුගේ විරෝධතාව හේතුවෙන් සතියකට කල්දමා ඇති බව කී නිහාල් වීරරත්න මහතා කැබිනට් මණ්ඩලයට විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව පසුවට කල්දැමීම නිසා ඒ වෙනුවෙන් කළ විරෝධතා තාවකාලිකව අත්හිටුවන අතර එය නැවත බලගැන්වීමට උත්සහ කළ හොත් වෘත්තිය සමිති නැවත ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.

නීතිරිතීවල පයින් ගසා ප්‍රතිපත්තියක් යැයි එකක් හදාගෙන ජනතාවට දරාගත නොහැකි විදුලි ගාස්තු ක්‍රමයක් ඉදිරිපත් කළ බව කී වීරරත්න මහතා පැවසුවේ පිරිවැය ප්‍රතිපූර්ණය කරගැනීමට අවශ්‍ය නම් නියමිත ක්‍රමවේදයට අනුව විදුලිබල මණ්ඩලයේ පාලන අධිකාරියේ කළමනාකාරිතවය හරහා විදුලි ගාස්තු සංශෝධන යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසමට යොමුකළ යුතු බවත්ය.

Related posts

කොවිඩ් ආසාධිත තරුණියන් සම්භාහන මධ්‍යස්ථානවලින් හමුවේ. | සෞඛ්‍ය අංශ ආගිය අයගේ තොරතුරු සොයයි.

colombotoday

අදත් එන්නත් ලබාදීම ස්ථාන රැසකදී

colombotoday

නව අධ්‍යාපන ලේකම්වරිය ධුරයේ වැඩ අරඹයි

Admin

මහ බැංකු වාර්තාව ඛේදවාචකයක්. රුපියල අවප්‍රමාණයෙන් ණය බර කෝටි 83,600කින් වැඩි වෙලා

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රියක් පීලි පනී

Admin

කොළඹට පැය 16ක ජල කප්පාදුවක්

colombotoday