ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශ නිල වෙබ් අඩවිය වන “ https://disastermin.gov.lk” ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වා තිබේ.
මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඒ.කේ. කරුණානායක, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු (ආචාර්ය) ආසිරි කරුණාවර්ධන සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ආරක්ෂක) හර්ෂ විතානාරච්චි යන මහත්වරු එක්ව සිටිය.