Colombo Today Local News

බිත්තර ආනයනයට අනුමැතිය ලබා නොදෙන පාර්ශවයන් ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

බිත්තර ආනයනය කිරීමට අනුමැතිය ලබා නොදෙන පාර්ශවයන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙළඳ අමාත්‍යවරයාට නියම කළ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව හරහා ඉන්දියාවෙන් බිත්තර සුළු ප්‍රමාණයක් ආනයනය කර රෝහල්, පාසල් සහ බේකරි කර්මාන්තය සඳහා බෙදාදීමට තීරණය කර ඇතත්, ඒ සඳහා අවශ්‍ය අනුමැතීන් ලබා නොදෙන ඇතැම් බලවේග ක්‍රියාත්මක වන බවට වෙළඳ අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් අවස්ථාවේ ජනාධිපතිවරයා මෙසේ නියම කළ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඉදිරි අලුත් අවුරුදු උත්සව සමයේදී බිත්තර ඉල්ලුම වැඩි වන බැවින් රට තුළ එයට සරිලන නිෂ්පාදනයක් නොමැතිනම්, එම හිඟය පියවීමට අවශ්‍ය බිත්තර ප්‍රමාණය ආනයනය කළ යුතුය යන්න කැබිනට් මණ්ඩලයේ අදහස බවද අමාත්‍යවරයා කීය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (31)දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

Related posts

“සංහිදියාව යනු ස්වෙච්ඡාවෙන් යටත්වීම නෙවෙයි.. මේක යක්ෂ සංහිදියාවක්“ – ඉදුරාගාරේ ධම්මරතන හිමි

colombotoday

9 වෙනිදා හෝමාගම උසාවිය අසලට මැරයන් යවා ගැටුමක් ඇති කිරීමේ සුදානමක්

colombotoday

ඉන්දීය ණය ආධාර යටතේ ආනයනික සහල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයෙන් කොටසක් අද මෙරටට

colombotoday

ජාතික පාසල් 170ක විදුහල්පති පුරප්පාඩු

colombotoday

පෝර්ට් සිටිය හදනවානම් ඉන්දියාවෙන් කොන්දේසි දෙකක්!

colombotoday

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ කාල සීමාව මාස තුනකින් දීර්ඝ කෙරේ.

colombotoday