Colombo Today Local News

ධනංජය සිල්වාගේ පියානන් ඝාතනය : සැකකරුවෙක් වසර 4ට පසු අත්අඩංගුවට… අත්බෝම්බයක් සොයා පොලිසිය සැකකරු රැගෙන යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියානන් වන දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රී රංජන් සිල්වා මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු වසර 04කට පසුව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මලිඳු ලක්මාල් නොහොත් කොටියා නැමති පුද්ගලයෙක්.

2018 වසරේ මැයි මස 24 වනදා යතුරුපැදිවලින් පැමිණි පිරිසක් කළ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වා මහතා රෝහල් ගත කිරීමේ දී මියගියේය.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක වූ අතර 2020 වසරේ මෙන්ම ඉන් පසුවද සංවිධානාත්මක අපරාධකල්ලිවලට සම්බන්ධ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැණුනි.

මේ සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව ඝාතනයට සෘජුව සම්බන්ධ බව කියන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හෙට්ටිගොඩ ලියනගේ මලිඳු ලක්මාල් නොහොත් කොටියා නැමැත්තා පිළිබඳව සෝදිසි මෙහෙයුම් ක්‍රීයාත්මක කර තිබේ.

ඒ අනුව ඔහු අඟුලාන සයුරුපුර මහල් නිවාස සංකීර්ණය අසළ රැඳී සිටින බවට ලද තොරතුරකට අනුව ගල්කිස්ස පොලිසිය වැටලීමක් කර අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු විදෙස් ගතව සිට මෙරට සංවිධානාත්මක අපරාධ සිදුකරන එල්ලාවල ලියනගේ ධර්මසිරි නොහොත් පැටියා යන අපරාධකරුගේ සමීපතම ගෝලයෙකු ලෙස මේ වන විට අනාවරණය කරගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කළ ප්‍රශ්න කිරිම්වලදී පැටියා නැමැත්තා ලබාදුන් විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බොම්බයක් රත්මලාන ගොනාකෝවිලේ සුසාන භූමියක් තුළ සඟවා තිබෙන බවට පොලීසියට අනාවරණය වී ඇත.

ඒ අනුව පොලිසිය අදාළ අත්බෝම්බය සඟවා තිබෙන ස්ථානය වෙතට සැකකරු රැගෙන ගොස් තිබේ.

Related posts

ජනපති අලුත් ගමනක් යද්දී පොහොට්ටු මන්ත්‍රීලා සුපුරුදු ගමනේ !

colombotoday

මාලදිවයින් සහායක ගුවන් නියමුවා මිනුවන්ගොඩ හෝටලයකදී මිය යයි

Admin

යකෙක් එලවන්න ගිහින් කතක් මියයයි.. දරුණුවට පහර දී දුම් අල්ලලා.. මුස්ලිම් පූජකයන් තිදෙනාට අත්හිටවූ සිර දඩුවම්

colombotoday

දුරකතන චාජරය සුඛෝපභෝගී වෑන් රථයක් ගිනි තබයි.

Admin

පාලිත තෙවරප්පෙරුම සවලකින් පහර දුන් අයෙක් අත බිදී රෝහලේ

colombotoday

බැදුම්කර කුණු ගෑවුණ අජිත් පී පෙරේරා අධිකරණ ඇමතිකමට ඉව අල්ලයි !

colombotoday