27 April 2025
Colombo Today Local News

හමුදා සාමාජිකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ හිටපු යුද හමුදා සාමාජිකයෙකුට මරණ දඬුවම

2009 ඔක්තෝම්බර් 02 වැනිදා මන්නාරම, පරප්පුකන්ඩාල් යුද හමුදා කඳවුර තුළදී යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ තවත් යුද හමුදා සාමාජිකයෙකුට ඊයේ (06)දින මන්නාරම මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර තිබේ.

මන්නාරම මහාධිකරණ විනිසුරු එම්. එම්. එම්. මිහාල් මහතා විසින් එම තීන්දුව ලබා දී ඇත.

මරණය දණ්ඩනය නියම වු හිටපු යුද හමුදා සාමාජිකයා විසින් පෞද්ගලික ආරවුලක් මත යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුට වෙඩි තබා තිබු අතර, ඉන් දෙදෙනෙකු මරණයට පත්ව,තවත් අයෙකු තුවාල ලබා තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගය මන්නාරම, මුරුන්කන් පොලීසිය හරහා ගොනුකොට තිබු අතර, නඩු විභාගයෙන් අනතුරුව ඝාතනයෙන් 14 වසරකට පසුව සැකකරු වෙත එලෙස මරණ දණ්ඩනය නියම කර තිබේ.

වයස අවුරුදු 55ක් වන දැනට යුද හමුදා සේවයෙන් ඉවත්කොට සිටින පුද්ගලයෙකු වෙත එලෙස මරණ දණ්ඩනය නියම කෙරුණි.

Related posts

කුසල් මෙන්ඩිස්ට කොවිඩ්

colombotoday

අපේ මුහුදේ මාළු ඇල්ලු ඉන්දීය ධීවරයන් 21ක් නාවික හමුදා භාරයට

Admin

වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක

colombotoday

TikTok සමග එක්වූ ඇමරිකානු ජනපති

Admin

ජනපති සිංගප්පූරු යයි…

colombotoday

රුපියල ශක්තිමත් වීමේ වාසිය ගොවීන්ට… යූරියා මිටියක් රු:9000 දක්වා අඩු කරයි

Admin