ගොඩනැගිලි ඉදිකිරීම් උපකරණවල ආයතනය සීමා ලිහිල් කිරීමත් සමග ඒ ආශ්රිත නිෂ්පාදනවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහළ යමින් පවතින බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ශාමින්ද්‍ර ගුණසේකර මහතා පැවසීය.
භාණ්ඩ මිල පහල යාමත් සමග ඉදිකිරීම් කේෂත්රයේ පිබිඳීමක් සිදුව ඇති බවත් ආයතනකරැවන් පහුගිය මාසයේ නැවතත් ආනයනය ආරම්භ කිරීමත් සමග මිල ශීඝ්‍ර ලෙස පහළ බසිමින් තිබෙන බවත් ඒ මහතා කීය.
ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල ඉල්ලුම ඉහළ යෑම කර්මාන්තයට වඩා වැදගත් බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.