Colombo Today Local News

මැකොස ඇතුළු ස්වාධීන කොමිෂන් සභා වල නව සාමාජිකත්වයට අයැදුම්පත් කැඳවයි

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් අලුතින් පත්කිරීම සඳහා අයැදුම්පත් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (25)දින තීරණය කළේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු රැස්වීම කතානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ පැවති අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ආ) වගන්තියේ උපලේඛනගතව දක්වා ඇති පරිදි කොමිෂන් සභා ස්ථාපනය කිරීම පිළිබඳව සාකච්ඡා කළ අතර එම කොමිෂන් සභාවල සාමාජිකයන් ලෙස පත්කිරීම සඳහා ඊට උනන්දුවක් දක්වන සහ සුදුසුකම්ලත් පුද්ගලයන්ගෙන් පුවත්පත් දැන්වීම් හරහා අයැදුම්පත් කැඳවීමට එකඟ විය.

ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් ලෙස පත්කිරීමට අයැදුම්පත් කැඳවමින් පුවත්පත් දැන්වීම් පළ කෙරෙනු ඇත.

එම අයැදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා දැන්වීම පළ කළ දින සිට සති දෙකක (2) කාලයක් දෙනු ලැබේ.

තවද අයැදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ වැඩි විස්තර පුවත්පත් දැන්වීම හරහා දැනුම් දෙනු ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු නෛතික ප්‍රතිපාදන මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ලැබී ඇති බලතල මෙන්ම සභාවේ ඉදිරි කටයුතු පිළිබඳවද එහිදී සාකච්ඡා කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රාජකාරි සහ කාර්යයන් ස්වාධීනව, වගවීමකින් සහ විනිවිදභාවයකින් යුතුව ඉටුකිරීමට ද ඒකමතිකව එකඟත්වය මෙහිදී පළ වි ඇත.

මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මෙන් ම මන්ත්‍රීවරුන් නොවන සාමාජිකයන් වන ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා නොවැළැක්විය හැකි හේතුවක් මත රැස්වීමට සහභාගී නොවන බව දන්වා තිබිණි.

Related posts

කාත්තන්කුයේ කසල තේ ඇසුරුම් කල ස්ථානයක් STF වටලයි. රුපියල් ලක්ෂ ගණනක කසල තේ සොයා ගැනේ.

colombotoday

හර්තාල් ව්‍යාපාරය සාමකාමීව පවත්වන්න – පොලිස් මූලස්ථානයෙන් දැනුම් දීමක්

colombotoday

පුත්තමේ පුපුරා ගියේ ක්ලේමෝ බෝම්බයක් දැයි සැකයක්

colombotoday

“ලබන අවුරුද්දේ රාජ්‍ය ආයතන කිහිපයක් විකුණනවා” අගමැති ආයෝජකයන් හමුවේ හෙළිකරයි – Video

colombotoday

ජාත්‍යන්තරයෙන් ආධාර ගලනවා.. ආයෝජකයො වැහි වැහැලා.. රටම දැන් වැඩබිමක් – නි ඇමති හර්ෂ

colombotoday

තව ස්වල්ප මොහොතකින් අගමැති මහින්ද ඉල්ලා අස්වෙයි

colombotoday