Colombo Today Local News

ජනපති ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුවක්

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද (26)දින පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 04.00 ට එම හමුව පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ සඳහා සහභාගී වන ලෙස කථානායකවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂ නායකවරයාට මෙන්ම මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන්ට, දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන්, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පසුගිය වසරේ දෙසැම්බර් මස 13 වන දින කැඳවන ලද පක්ෂ නායක හමුවේදී සාකච්ඡා වූ සංහිඳියාව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව මෙම හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ එකඟතාවක් ඇති කර ගැනීමට ද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

Related posts

අශ්වයින් පත්කරන්න බූරුවන්ට නාමයෝජනා දීලා වැඩක් නෑ….

colombotoday

උදයංග පෙබරවාරි 17 දා තෙක් රිමාන්ඩ්

colombotoday

1500ක සහනාධාර පොහොර මිටියක් 3400කට විකුණු ව්‍යාපාරිකයාට වැඩ වරදී | ලක්ෂ 18ක පොහොර අත්අඩංගුවට

colombotoday

බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විශේෂ සාකච්ඡාවක්

colombotoday

ඤාණසාර හිමිට නිදහස ඉල්ලා හෙට කැළණියෙන් කොළඹට පාගමනක්…

colombotoday

නිශ්චිතවම හඳුනාගත නොහැකි අමුතු උපකරණයක් වෙරළට ගොඩගසයි

colombotoday