Colombo Today Local News

බදු ඉවත් කළහොත් අයි.එම්.එෆ් සමඟ ගිවිසුම්ගතවීමට නොහැකි

පනවා ඇති නව බදු ඉවත් කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගතවීමට නොහැකි වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී ඇත්තේ රුපියල් 45,000ට වැඩි මාසික ආදායමක් ලබන අයගෙන් බදු අය කරන ලෙස බවත්, රුපියල් ලක්‍ෂය දක්වා ආදායම් ලබන අය බදුවලින් නිදහස් කර ඇත්තේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගතවීමට නොහැකි වුණොත් රට සති දෙකකට වඩා පවත්වාගෙන යා නොහැකි බව කී ඇමතිවරයා එසේ කළ හැකි ක්‍රමයක් කවුරුන් හෝ කියන්නේ නම් ඊට කන්දීමට සූදානම් බව ද කීය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (24)දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

දේශපාලන පක්‍ෂ වශයෙන් මැතිවරණයට සූදානමින් සිටින නමුත් රට තුළ අභියෝගාත්මක තත්වයක් පවතින බව කී ඇමතිවරයා මැතිවරණ අපේක්‍ෂකයන්ට වැඩිපුර ඉන්ධන ලබාදිය නොහැකි බව ද ප්‍රකාශ කළේය.

Related posts

පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය අසලදී බිහිසුණු බස් අනතුරක් – 20කට තුවාල

Admin

කොරෝනා වැළඳී රෝහලේ සිටින පුද්ගලයා සමග සිටි තවත් පුද්ගලයෙකුට කොරෝනා වැළඳෙයි

colombotoday

සියලුම සමාජ මාධ්‍ය වහාම සක්‍රීය කරන්න – මහජන උපයෝගිතා කොමිෂමෙන් දැනුම් දීමක්

colombotoday

දේශීය මත්පැන් වලටත් ආරක්ෂිත ලේබලයක්

colombotoday

පොල් ගැහිල්ලත් රැල්ලට යයි.. එක්නැලිගොඩගේ බිරියත් පොල් ගසයි!

colombotoday

සම්බන්දන් දැන් සැබෑ ජාතික නායකයෙක්, මං උත්තර දෙන්නේ රතුපස්‌වල ලේ නොගෑවුණු අයට විතරයි – අගමැති

colombotoday