මීගමුව ඩිපෝවේ ලංගම බස් රථයක් ගාල් කිරීමෙන් අනතුරුව එහි රියදුරාව ඝාතනය කර තිබේ.
ඔහු ධාවනය කරන බස් රථයේ කොන්දොස්තරවරයා විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් මෙම රියදුරු ඝාතනය කර ඇත.
කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ඔවුන් දෙදෙනා අතර මුදල් බෙදාගැනීමේදී ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට සැකපළ කරන බවය.