නත්තල් නිවාඩුවට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ප්‍රවාහන බලධාරීන් පවසයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කරන්නේ, ජනවාරි 2 වැනි දා දක්වා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.
මේ අතර අද (27) පෙරවරු 7.30 ට කොළඹ, කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනයට යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
හෙට (28) පෙරවරු 7.45 ට බදුල්ලේ සිට කොළඹ කොටුවට ද විශේෂ දුම්රියක් ධාවනය කිරීමට සැලසුම් කර ඇත.