Colombo Today Local News

අසල්වැසියන්ගෙන් මවට සහ පුතුට මාරාන්තික පහරදීමක්

ඇල්පිටිය පොලිස් වසමේ අනුරුද්ධගම ආරාමය මාර්ගයේ ගමන් කරමින් සිටි මවකට සහ ඇයගේ පුතුට අද (11)පෙරවරුවේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී තිබේ.

පහරකෑමෙන් තුවාල ලබා ඇති කාන්තාව 55 හැවිරිදි වියේ පසුවන අතර ඇයගේ පුත්‍රයා 25 හැවිරිදි වියේ පසුවෙයි.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.

මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අසල්වැසියන් සමඟ පැවති ආරවුලක් මත මෙම පහරදීම සිදුව ඇති බවයි.

දෙපාර්ශ්වය අතර පවතින ආරවුලකට අදාළ පැමිණිල්ලක් අද ඇල්පිටිය පොලිස් ස්ථානයේදී විභාග කිරීමට ඔවුන් කැඳවා තිබූ පසුබිමක මෙම පහරදීම සිදුකර තිබේ.

Related posts

කොත්මලේ ඔය සහ මහවැලි ගඟ දෙපස ජනතාව විමසිල්ලෙන් ඉන්න

Admin

ජිනීවා කවුන්සිලය හමුදාවටත් ඇඟිලි ගහයි… හමුදාව ප්‍රතිසංවිධානය කරොත් පවුම් මිලියන 6ක් දෙනබව කියයි

colombotoday

කතුන් 4කට බඹර ප්‍රහාරයක්

Admin

හැටන් අධිකරණයේ රෙජිස්ටාර්වරයාට කොවිඩ්. නඩු කල් තබයි. – සියළුම සේවකයින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට.

colombotoday

මැති සබේදී වයසක මනමාල ඇමතිලාගෙන් මන්ත්‍රීවරියන්ට ලිංගික හිරිහැර !

colombotoday

ගාමිණී වලේබොඩගේ නිවසට රියදුරෙක් නොමැති ලොරි රථයක් කඩා වැදේ

Admin