World

නවදිල්ලියේ වායු දූෂණය මඩින්න කෘත්‍රිම වැසි

නවදිල්ල අගනුවර වාතය පිරිසුදු කිරීමේ අරමුණින්, ලබන 20සහ 21යන දිනවල නවදිල්ලි අගනුවරට කෘත්‍රිම වැසි ඇද හැලීමට සැලැස්වීමට දිල්ලි ප්‍රාන්ත රජය සූදානම් වෙයි.

දිල්ලි මහ ඇමැති, ආම් ආද්මී පක්ෂ නායක, අරවින්ද් කෙජ්රිවාල් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, සෞඛ්‍ය අමතයාංශය සහ කාලගුණ විද්‍යාඥයන් හවුල් කර ගනිමින්, සාකච්ඡා පවත්වා නවදිල්ලි අගනුවර වාතයේ ගුණාත්මකභාවය වැඩි කිරීමේ අරමුණින් මෙසේ කෘත්‍රිම වැසි ඇද හැලීමට සලස්වන බවයි.

මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය අපේක්ෂා කරන බව ද දිල්ලි මහ ඇමැතිවරයා පවසා තිබේ. මේ වනවිට ලොව වායු දූෂණය අතින් ඉදිරියෙන්ම ඇත්තේ නවදිල්ලි අගනුවර යැයි පැවැසෙයි.

වායු දූෂණය හේතුවෙන් නවදිල්ලියේ ප්‍රාථමික පාසලවලට නිවාඩු ලබා දී තිබේ.

Related posts

මුස්ලිම් සමලිංගිකයන්ට ෂරියා නීතියෙන් දඬුවම් කිරීමට එරෙහි පෙත්සමක් සලකා බැලීමට මැලේසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි

colombotoday

පුටින් ගෙන් කිම් ජොන් අන් ට ත්‍යාගයක්

Admin

එක්සත් රාජධානියට ත්‍රස්ත ප්‍රහාරයක්. – ඉලක්කය දේව මෙහෙයක් බවට සැක. – රියදුරෙකුගේ අවධානය මහා විනාශයක් වලක්වයි.

colombotoday

උද්‍යානයකදී තිදෙනෙක් ඝාතනය කළ ත්‍රස්ත සැකකරු බුද්ධි අංශ අවධානයෙන් රිංගා ගිහින්

colombotoday

මගීන් 80ක් සමග ඊජිප්තු ගුවන් යානයක් පැහැර ගනී.. පැහැරගත් යානය සයිප්‍රසයට ගොඩබස්වයි

colombotoday

තබ්ලික් ජමාත් විවේචනය කල පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි.

colombotoday