තංගල්ල, සීනිමෝදර ප්රදේශයේ මුහුදේ දියනාමින් සිටි විදේශිකයකු දියවැලකට හසු ව ගසාගෙන ගොස් තිබේ.
එම අවස්ථාවේ එහි සිටි පිරිසක් විසින් ඔහු බේරාගෙන තංගල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
මිය ගොස් ඇත්තේ, 49 හැවිරිදි ජර්මානු ජාතිකයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.