Colombo Today Local News

ඉන්දීය විදේශ ඇමති ජයශංකර් අද දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ඇතුළු දූත පිරිසක් දෙදින නිල සංචාරයක් සඳහා අද (19)දින මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට රැඳී සිටින කාලසීමාවේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සමග ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ එකාබද්ධ ලේකම් පූනීත් අග්ග්‍රවාල්, අධ්‍යක්ෂ සන්දීප් කුමාර්, නියෝජ්‍ය ලේකම්වරුන් වන නීදි චවුද්ද්‍රි සහ රගූ පූරී යන අයද මෙම නිල සංචාරයට සහභාගී වේ.

මේ අතර ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම අත්කරදීම සඳහා දැඩි ලෙස තම රට කැප වන බව ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්ස්ටර්ලීනා ජෝර්ජියේවා මහත්මියට යොමු කළ ලිපියක දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව ණය සහන සහ ණය තිරසරභාවය අත්කරගැනීම සඳහා ගෙන යන වැඩපිළිවළට ඉන්දියාව සහය පළ කරන බවයි.

එමෙන්ම වාණිජ ණය ලබා ගත් පාර්ශවයන්ගෙන් සහ ද්විපාර්ශවික ණය ලබාගත් පාර්ශවයන්ගෙන් ශ්‍රී ලංකාව සමාන සැලකීම් අත්කරගැනීමට බලධාරීන් ක්‍රියා කළ යුතු බව ද ඉන්දියාව පවසයි.

Related posts

ඉන්දීය භාණ්ඩ කන්ටේනර් 1,237 ක් නිදහස් කරන්න සියල්ල සූදානම්

colombotoday

ජාතිවාදී යක්ෂයා මඩවල මුස්ලිම් පාසලෙන් මතුවෙයි.. සිංහල ගුරුවරුන්ට කුණු බිත්තර, පොලු පහර දී පන්නා ගනී

colombotoday

ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකුට පහරදී රෝහල් යැවූ 5ක් අත්අඩංගුවේ

Admin

කොවිඩ් දෙවැනි රැල්ල – මිනුවන්ගොඩ පොකුරේ ආරම්භය ?

colombotoday

ඉන්දියාවෙන් ගෙන ආ කහ තොගයක් මන්නාරමෙදී හමුදා බාරයට

colombotoday

“බන්ධුන ගුණවර්ධනලා එළියෙ බැන්නාට නව ව්‍යවස්ථාව සකසන්න සහය දෙනවා“- ලාල් විජේනායක

colombotoday