World

ලොව ලාබාලම අගමැතිනය ඉල්ලා අස්වෙයි

තමන් කම්කරු පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධුරයෙන් එළඹෙන පෙබරවාරි මස 7 වැනිදා ඉල්ලා අස්වෙන බවත් කම්කරු පක්ෂය සඳහා නව නායකයකු තෝරා පත් කර ගැනීම සඳහා නුදුරේදී ඡන්ද විමසීමක් පවත්වන බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩර්න් මහත්මිය ප්‍රකාශ කළාය.

තමන් නවසීලන්ත අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ වසර හය ඉතාමත් අභියෝගාත්මක කාලයක් වූ බවත් තමන් නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරඟ වැදීමට බලාපොරොත්තු නොවන බවත් අර්ඩර්න් මහත්මිය පෙන්වා දී තිබේ.

2017 වසරේදී නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ලෙස වයස අවුරුදු 37 දී තේරී පත් වූ අතර ඇය අග්‍රාමාත්‍ය ධුරය සඳහා තේරී පත් වූ ලොව ලාබාලතම රාජ්‍ය නායිකාවද වූවාය.

Related posts

ඇෆ්ගනිස්ථානයේ අධ්‍යාපන පන්තිවලදී කාන්තා පිරිමි මිශ්‍රවීම තහනම්. | උසස් අධ්‍යාපනය ෂරියා නීතියට අනුව පමණයි.

colombotoday

ලොවපුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 21 පනී

colombotoday

ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදුවූ කාන්දුවකින් චීනයේ පළාතක මෝල්ටා උණ පැතිරේ

colombotoday

හමාස් – ඊශ්‍රායල් ගැටුම් මුල් කර ගනිමින් කැනඩාවේ යුදෙව් පාසල් දෙකකට වෙඩි ප්‍රහාර

Admin

යුක්‍රේනයට නව හමුදාපතිවරයෙක්

Admin

සියෙරා ලියෝන් අගනුවර පිපිරීමක් – 84ක් මරුට

colombotoday