Colombo Today Local News

ගම් දෙකක ගුටි කෙළියක්… 23ක් රිමාන්ඩ්

යාපනය කෝපායි පොලිස් වසමේ මත්ති ප්‍රදේශයේ ගම්වාසීන් දෙපිරිසක් අතර වූ ගැටුමකින් අත්අඩංගුවටගත් කාන්තාවන් තිදෙදෙනෙකු ඇතුලු 23 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට යාපනය මහෙස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා මහතා නියෝග කර තිබේ.

මත්ති ප්‍රදේශයේ ගෙවී ගිය දින 3ක කාලය තුලදී අවස්ථා කිහිපයකදීම ගම්වාසීන් දෙපිරිසක් අතර වූ ගැටුම් හේතුවෙන් දේපල හානි රැසක් සිදුව ඇත.

පසුව ඊයේ (08) දිනයේදීද ගම්වාසීන් දෙපිරිසක් අතර වූ ගැටුම ප්‍රචණ්ඩත්වයෙන් පැවතීම හේතුවෙන් කෝපායි පොලීසියද එම ස්ථානයට ගොස් තත්වය පාලනය කිරීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් දෙපාර්සවයේම පොලිස් රජකාරියට හා මහජන සාමයට බාධාකරමින් නොසන්සුන්ව ක්‍රියාකල කාන්තාවන් තිදෙනෙකු ඇතුලු 23දෙනෙකු අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට කෝපායි පොලීසිය පියවර ගෙන තිබේ.

මහෙස්ත්‍රාත්වරයා අත්අඩංගුවට පත් පිරිසට දැඩි සේ අවවාද කොට එම පිරිස ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කර ඇත.

Related posts

අද සහ හෙට සියලු දුම්රිය ධාවනයන් අවලංගුයි

colombotoday

රන්ජන්ගේ රාජ්‍ය පට්ටම ගැලවෙයි.. බුද්ධික මෙදා පාරත් කැපෙයි !

colombotoday

පළාත් 9ට සෞඛ්‍ය ප්‍රතිපත්ති 9ක්.. අලුත් ව්‍යවස්ථාවෙන් සෞඛ්‍ය සේවයත් අවුලෙන් අවුලට !

colombotoday

අල්ලස් චෝදනා එල්ල වී සිටින රවීට අර්ජුන්ට අධි චෝදනා භාර දෙයි

colombotoday

ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සක් සුරින් නැවතත් තායිලන්තයට

Admin

මේ වසරේදී ළදරුවන් අතරේ මන්දපෝෂණය වැඩි වෙලා

Admin