Colombo Today Local News

21 වන දා කොළඹ ප්‍රදේශ රැසකට පැය 9ක ජල කප්පාදුවක්

ජනවාරි 21 වන සෙනසුරාදා පෙ.ව. 11.00 සිට ප.ව. 8.00 දක්වා පැය 9ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කරන්නේ, විදුලි බල මණ්ඩලය සිදු කරනු ලබන අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ තුළුමං පොම්පාගාරය වෙත විදුලියි සැපයීම අත්හිටුවන බැවින් ජල කප්පාදුවක් සිදු කරන බව ය.

ඒ අනුව, කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව, කොළන්නාව නගර සභා බල ප්‍රදේශය, කොයිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට ජලය අත්හිටුවනු ඇත.

Related posts

ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළ නව කොන්දේසි ගැසට් කෙරේ…

Admin

සංචරණ සීමාවලට යටත්ව හුදෙකලා බව ඉවත් වූ ප්‍රදේශ මෙන්න

colombotoday

බයියො සහ ටොයියො ලෙස බෙදිලා, රටට අනාගතයක් නෑ… දෙගොල්ලම වහල්ලු – මාවරලේ භද්දිය හිමි

colombotoday

රත්මලානේ නිවසක තිබී මළ සිරුරක් හමුවෙයි

colombotoday

ඉදිරි දින කිහිපයේදී පත් කරන නව කැබිනට්ටුවේ ඇමැතිකම් බාර ගන්නේ නැහැ

colombotoday

ඤාණසාර හිමි බන්ධනාගාර රෝහලේ සිට ජයවර්ධනපුර රෝහලට රැගෙන එයි…

colombotoday