Colombo Today Local News

ක්‍රිකට් හොරුන්ගෙන් ජනපති බේර ගමු… ශම්මි සිල්වා ගේ ආරක්ෂක පාතාලයා දැක ඇමති රොෂාන් බය වෙයි

කවුරුන් හෝ ජනාධිපතිතුමා විනාශ කිරීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි තමාට පෙනෙන බවත් ක්‍රිකට් ආයතනයේ දූෂිත හොරු රැලට ජනාධිපතිතුමාට ළංවීමට ඉඩ නොදිය යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (8)දින පැවසීය.

ජනාධිපති කාර්ය මණ්ඩලය ඇතුළෙත් නොයෙකුත් දේවල් සිදුවන බව පැවසූ අමාත්‍යවරයා ඒ ගැන විමර්ශන කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය.

මේ රටේ අමාත්‍යවරයෙකුට තර්ජනය කිරීමට තරම් මෙම හොරු රැල බලවත් බවත් ජනාධිපතිවරයා අයිපීඑල් තරගය නරඹමින් සිටියදී ඔහුගේ පිටුපස සිටියේ ක්‍රිකට් ආයතනයේ ශම්මි සිල්වා ගේ ආරක්ෂකයාවූ පාතාල කරුවකු බවත් ඔහු සඳහන් කළේය.

එම පාතාලකරු ඒ ස්ථානයේ සිටිනු දැක තමා බියට පත්වූ බවද රොෂාන් රණසිංහ මහතා කීවේය.

Related posts

විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට කැඳවන්න රජයේ අවධානය

Admin

වාරණයට ලක්කළ රවීගේ විශේෂ ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙන්න

colombotoday

මුස්ලිම් විවාහත් මෙරට පොදු නීතිය යටතට – අලි සබ්‍රිගේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය

colombotoday

ත්‍රීරෝද රථ ගාස්තුත් අඩු කරයි

Admin

චීන රජය ප්‍රාදානය කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් දිවයිනට

colombotoday

‘මෙරට රැඳි සිටිමින් ජනතාවට සේවය කිරීමට කැමැති’ – නීතිපති ජනපතිට දැනුම් දෙයි

colombotoday