Colombo Today Local News

ශ්‍රී ලංකාවට සහය දෙන බව ඉන්දියාව නිල වශයෙන් දැනුම් දෙයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මට සහය ලබා දෙන බව ඉන්දියාව නිල වශයෙන් දැනුම් දී ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට අනුව, චීනය සහ ඉන්දියාව සමග ශ්‍රී ලංකාවේ ණය පිළිබඳ සාකච්ඡා “සාර්ථක” බව ද එම වෙබ් අඩවිය සඳහන් කර තිබේ.

ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දීමට එකඟ වූ ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට ඇති ප්‍රධාන බාධකය ඉවත් කිරීමට එය ඉවහල් වනු ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

අද (17)දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ, “දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ, ඉන්දියාවයි, චීනයෙයි එකඟත්වය ලබා ගන්න. අපි දැන් සාකච්ඡා කරගෙන යනවා. දැනට ඒ සාකච්ඡා සාර්ථකයි කියලා මට මේ සභාවට කියන්න පුළුවන්. ළඟදී අපිට ඒ පිළිබඳව පිළිතුරක් ලැබෙයි,” යනුවෙනි.

ණය පහසුකම ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට පෙර, චීනය, ජපානය සහ පැරිස් ක්ලබ් සාමාජිකයන්ගෙන් ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මූල්‍ය සහතික ලබා ගත යුතු වේ.

මේ අතර, අද (17)දින පැවති කැබිනට් තීරණ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට නියමිත ණය මුදල සම්බන්ධයෙන් මේ වනවිට සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව ය.

“සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව විදේස කටයුතු අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දුන්නා. ඉතා ම ශුභවාදී ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවත්, චීනයත්, ජපානයත් අතර එකඟතා ඇතිවෙමින් පවතින බවත් ඒ එකඟතාවන් මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම මුල් කාර්තුවේ දී අත්සන් කිරීමට ඉඩ තිබෙන බව ප්‍රකාශ කළා.”

Related posts

කැලේ කපලා ඒකට මගේ නම ගාවන්න එන්න එපා – අනුර ප්‍රියදර්ශන යාපා බදුර්දීන්ගේ මූනටම කියයි

colombotoday

සජිත් කෙහෙල් ඇවරියෙන්..?

colombotoday

ශ්‍රීලනිපයෙන් ඉවත් කළ අයට ‘අපේ ශ්‍රීලනිපයෙන්‘ සංවිධායක තනතුරු

colombotoday

මහනුවර නගරයේ මුස්ලිම් පාසල් ඉදිකරන්නේ නෑ….

colombotoday

කුලියාපිටියෙනුත් බෝම්බ පාර්සලයක් හමුවෙයි

colombotoday

විජිතපුර නටඹුන් ඩෝසර් කිරීමට අවසර දී ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරියයි – පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයා කියන කතාව මෙන්න

colombotoday