Colombo Today Local News

මැතිසබේ ගුටි කෙළිය ගැන හොයන කමිටුව අද රැස් වෙයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ මන්ත්‍රීවරුන් දෙදෙනකු අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඇතිවූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු කමිටුව අද (6)දින රැස්වීමට නියමිතය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් නම සඳහන්වූ සියලු දෙනා අද මෙම කමිටුව හමුවට කැඳවීමට නියමිතය.

එසේම මෙම කමිටුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනෙකුගේද සහාය ලබා ගැනීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රිනියන් වන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ තලතා අතුකෝරල යන මහත්මීන් මේ සඳහා සහාය දක්වනු ඇත.

මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා කටයුතු කරයි.

Related posts

මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්.. වෙරළාසන්නයේ ජනතාව විමසිල්ලෙන් සිටින්න

colombotoday

පැය 24ක් තුළ නිරෝධායන නීති කැඩූ 173ක් අත්අඩංගුවේ

colombotoday

හාල් කිලෝව 100යි – වී කිලෝව 30 යි

colombotoday

හොරොව්පතානේ අරාබි පාසලක දරුවන්ට ඉගැන්වූ අන්තවාදී දේශන ඇතුලත් සීඩි 46ක් අත්අඩංගුවට

colombotoday

ඇමරිකාවත් සෙලවෙයි

Admin

PCR පරීක්ෂණයට පැමිණි කල්පිටියේ පුද්ගලයෙක් මියයයි – පෑලියගොඩට මාළු ගෙනා ලොරියක සේවය කරලා

colombotoday