World

ජගත් ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි

දිනෙන් දින ඔඩුදුවන ඊශ්‍රායල හමාස් අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් වී තිබේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මෙසේ රැස්වූයේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ චීනය කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනි.

ඊශ්‍රායල හමාස් ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 9,800 කට වැඩි පිරිසක් මේ වනවිට ජීවිතක්ෂයට පත් වී ඇතැයි පැවැසෙයි.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට පහර දෙන්නේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමිනි. ගොඩබිමින් සහ ගුවනින් එල්ල කරන එම ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වන බොහෝ දෙනා ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ය.

මීට පෙර අවස්ථා හතරකදී ඊශ්‍රායල හමාස් අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්විය.

සටන් නැවැත්වීමටත් සටන් විරාමයකට යෑමටත් ඊශ්‍රායලයට බල කරමින් යෝජනා ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි.

ඒ සෑම යෝජනාවකටම ඇමෙරිකාව නිෂේධ බලය භාවිත කරමින් විරෝධය පළ කළේ, හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ඊශ්‍රායලය ගත් තීරණය නිවැරදි බවත් ඊට තමන්ගේ සහාය හිමිවන බවත් පෙන්වා දෙමිනි.

Related posts

සෞදියට එරෙහිව ලියූ කෑලි කර මරා දැමූ මාධ්‍යවේදී කෂෝගි ගේ ඝාතකයන්ට සමාව දෙන්න එපා. – පෙම්වතිය ඉල්ලයි

colombotoday

අමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් ප්‍රදේශයයේ සමූහ වෙඩිතැබීමක්

colombotoday

COVID-19 චීනයේ වුහාන් විද්‍යාගාරයෙන් කාන්දු වී ඇති බවට ඇමරිකාවේ වාර්තාවක් නිගමනය කරයි.

colombotoday

දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ වෙඩි තැබීමෙන් 34ක් මරුට – මියගිය අය අතර ළමුන් 20කට වැඩි පිරිසක්

colombotoday

සෞදියේ ජෙඩාහ්, ඇමරිකානු තානාපති කාර්යාලයට මරාගෙන මැරෙන ජිහාඩ් ප්‍රහාරයක් !

colombotoday

ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත ලබාදීම අරඹයි

colombotoday