සල්ලි නැත්නම් බත් එකට ලුණු කුඩු ටිකක් ඉහලා පොල් ටිකක් ගාගෙන කනවා වගේ හරි ඡන්දය තියන්න ඕනෑ යැයි මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි.
හිටපු සභාපතිවරයා මෙසේද ප්රකාශ කළේය.
“අපේ කාලෙත් සල්ලි එකපාරටම ගෙඩිය පිටින් දුන්නේ නැහැ. ටික ටික දේවි. මම හිතන්නේ නැහැ සල්ලි නැහැ කියලා ඡන්දය නොතියාවි කියලා. අපිට බැරිම නම් වියදම අඩු කර ගන්න වෙනවා. අපි එළවළු දෙකක් එක්ක බත් කනවා. සල්ලි නැත්නම් අපි ලුණු කුඩු ටිකක් ඉහලා පොල් ටිකක් ගාගෙන කනවා. ඒ වගේ හරි ඡන්දෙ තියන්න ඕන.