Colombo Today Local News

වැලිකන්ද මුතුවැල්ලේ දී බසයක් පෙරැලී 30ක් රෝහලේ…

පොලොන්නරුව සිට වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පෞද්ගලික සහල් මෝලක සේවකයන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් අද(30)දින වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන බෑවුමකට පෙරළි සිදූ වු අනතු‍රකින් තිස්දෙනෙකු තුවාල ලබා වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලීසිය පවසයි.

මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ සිව්දෙනෙකු පොළොන්නරුව මහ රෝහලට මාරුකර යවා ඇති බව
වැලිකන්ද රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

බස් රථය ගමන් ගන්නා විට එහි සේවකයින් අසූවකට ආසන්න සංඛ්‍යාවක් සිට ඇති අතර අනතුරෙන් සුළු තුවාල ලැබූ සේවකයින් කිහිප දෙනෙකු ප්‍රතිකාර ගෙන රෝහලෙන් පිටව ගොස් ඇති බවද වාර්තා වේ.

Related posts

මහ බැංකු කොල්ලයේ වැරදිකරුවන් සිටින ආණ්ඩුවකින් බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න බැහැ

colombotoday

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිකිරීමට කලයුතු දේ ගැන මෛත්‍රී කතා කරයි

colombotoday

කොරෝනා ආසාදිත ගැබිනියකගේ සැමියා රහසේම රට ගිහින්

colombotoday

වල්සපුගල ගොවීන් යළි උපවාසයක් අරඹයි

colombotoday

හිටපු ජනපති තිරුපති යයි.. වෙන්කටෙස්වර දෙවියන් වැදපුදා ගනී..

colombotoday

ශ්‍රේෂ්ඨ පණුවා, නිකං පෑඩ් හා සජිත්ගේ ශ්‍රී මොළය !

colombotoday