දැන් ඉන්නවා වගේ බොළඳ විපක්ෂ නායකයෙක් ජීවිතේටම දැක නැතැයි පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට නොපැමිණි ඊයේ දිනයේදී අය වැය විවාදය නියමිත වේලාවටම පටන් ගන්නට හැකි වූ බව කී අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව පටන් ගත් වෙිලේ සිට කාලය කා දැමීම නිසා පැයක්,එකහමාරක් විවාදය ඇරැඹීමට පරක්කු වන බව කීය.
සෞඛ්‍ය අමාත්‍යාංශය වැය ශීර්ෂය දවසේ මුලින්ම පාර්ලිමේන්තුවේ වැළඳී ඇති ලෙඩේට බෙහෙත් දිය යුතුව ඇතැයි මන්ත්‍රීවරයා පැවසීය.