Colombo Today Local News

පොලිස්පති ඇතුළු තිදෙනකුට නොතීසි නිකුත් කෙරේ…

රහස් පොලිසියට එරෙහිව සිදු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් පෙබරවාරි 28 වැනිදා පෞද්ගලිකව අධිකරණයට ඉදිරිපත් වී කරුණු දක්වන ලෙසට පොලිස්පතිවරයා ඇතුළු තිදෙනෙකුට නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නොතිසි නිකුත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කර ඇත්තේ, බලශක්ති විශේෂඥයකු විසින් ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීය.

මෙම රීට් පෙත්සම ඒස්. තුරේරාජා, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත පුනාන්දු මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිනි.

බලශක්ති විශේෂඥ ළුම්.පී රළපනාව මහතා විසින් ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් හැටියට රහස් පොලිසිය, පරිගණක අපරාධ අංශයේ ස්ථානාධිපති, පොලිස්පති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

තමන්ට එරෙහිව ඇති පැමිණිල්ල සම්බන්ධ චෝදනා පැහැදිලි කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් මෙම පෙත්සම ගොනු කරන ලැබ ඇත.

Related posts

කොළඹ ලෝකෙන්ම අංක එකට එයි

colombotoday

බඩු මිල වැඩි වුනාට ජනතාව ආණ්ඩුවට බනින්නේ නෑ

Admin

බාර් වලට වෙන්න යන දේ

Admin

ලාංකික තරුණියන් ඕමාන් කෝටිපති ව්‍යාපාරිකයන්ට විකිණූ මිනිස් ජාවාරමේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

Admin

වාහන මොඩිෆිකේෂන් කියන්නේ කර්මාන්තයක්

Admin

රැකියා නැති 65කට උපදේශක රැකියා දීම දූෂණයක් නොවේ – ඇමති කිරිඇල්ල

colombotoday