Colombo Today Local News

ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය : නාමල් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස්

ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙක්, සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලබාදුන් සා්ක්ෂි අධිකරණයට පිළිගත නොහැකි, විශ්වාසයෙන් තොර සාක්ෂි බවත් අධිකරණය සලකා බලන්නේ විත්තිකරුවන්ගේ තරාතිරම නොව ඔවුන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා සනාථ කළ හැකි සාක්ෂි පමණක් බව ද අධිකරණය හමුවේ පෙන්වා දුන් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් අද (02)දින එම නියෝගය ලබා දී ඇත.

එමෙන්ම මේ වනවිට අධිකරණය මඟහැර ගොස් සිටින එම නඩුවේ දෙවැනි විත්තිකරු වන ප්‍රභාත් කරුණාජීව මහතාට සහ එම නඩුවේ සිව්වන විත්තිකාරියට පනවා ඇති විදෙස් ගමන් තහනම වහාම ඉවත් කරන ලෙස ද විනිසුරුවරයා මෙහිදී දැනුම් දී ඇත.

එමෙන්ම ප්‍රභාත් කරුණාජීව මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති විවෘත වරෙන්තු ආපසු කැඳවීමට විනිසුරුවරයා නියෝග කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටිය දී අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි නාමල් රාජපක්ෂ මහතාට චෝදනාව එල්ල වී තිබුණි.

Related posts

මේ උද්ඝෝෂණ රජයට වාසි ලබා දෙන පා ගමනක් මිසක් අපේ ජනතාව වෙනුවෙන් දියත් කරන සටනක් නොවේ

colombotoday

වැලිකඩ යැවූ දුමින්ද සිල්වා නැවතත් බන්ධනාගාර රෝහලටම

Admin

කොළඹ වරාය නගරයේ Cryptocurrency හුවමාරු මධ්‍යස්ථාන දෙකක් පිහිටුවන්න අනුමැතිය..

Admin

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇරඹීමට ආයෝජකයන් දිරිමත් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්

colombotoday

රුපියල තවත් දුර්වල වෙයි

Admin

සහල් මාෆියාව බිඳින්න ක්‍රියාමාර්ග ගන්නවා

Admin