World

ඊශ්‍රායල – හමාස් සටන් විරාම ගිවිසුම දින දෙකකින් දිගු වෙයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති කරගත් තාවකාලික සටන් විරාම ගිවිසුම දින දෙකකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවය එකඟ වූ බව එම ගිවිසුම ඇති කර ගැනීමට ප්‍රධාන මැදිහත්කරුවකු ලෙස කටයුතු කළ කටාර් රාජ්‍යය ප්‍රකාශ කළේය.

ඒ අනුව, තාවකාලික සටන් විරාම ගිවිසුම 30 වැනිදින උදෑසන දක්වා ක්‍රියාත්මක වනු ඇති බවත් ඒ යටතේ තවත් ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන ජාතිකයන් නිදහස් කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් කටාර් රාජ්‍ය පවසයි.

තවාකාලික සටන් විරාම ගිවිසුමේ හතරවෙනි දිනයේදී හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි ඊශ්‍රායල කාන්තාවන් 9දෙනකු සහ ළමයින් දෙදෙනෙකු නිදහස් කළ බව ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වෙබ් අඩවිය පැවැසුවේය. එසේම එම ප්‍රාණ ඇපකරුවන් වෙනුවෙන් ඊශ්‍රායල අත් අඩංගුවේ පසුවූ පලස්තීන ජාතිකයන් 33 දෙනකු ඊශ්‍රායලය නිදහස් කළ බව එම වෙබ් අඩවිය පෙන්වා දුන්නේය. එම පලස්තීන ජාතිකයන් 33 දෙනාගෙන් 30 දෙනකු ළමුන් බවත් 3 දෙනකු කාන්තාවන් බවත් ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඒ අනුව, තාවකාලික සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වූ දින 4ක කාලය තුළ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 69 දෙනෙක් සහ පලස්තීන ජාතිකයන් 150 දෙනෙක් නිදහස ලබා ඇතැයි ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.

Related posts

“මගේ සල්ලි ජිහාඩ්වාදීන්ට දෙන්නේ නෑ” – මුස්ලිම් Taxi සේවාවක් වර්ජනය කිරීම ආන්දෝලනයට ලක් වේ

colombotoday

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ට කොවිඩ්

colombotoday

බ්‍රිතාන්‍යය අගමැති දැඩි සත්කාර ඒකකයට

colombotoday

තෙරේසා මේට එරෙහිව විශ්වාසභංගයක්

colombotoday

“ඇෆ්ගන් රෝහලට පහරදීම යුධ අපරාධයක් නොවේ.. තාක්ෂණික දෝෂයක්” ඇමරිකාව කියයි

colombotoday

ආවේ නැත්නම් මිනීමැරුම් නඩු පවරනවා. තබ්ලික් ජමාත් නිරෝදායනයට ඉන්දීය පොලිසිය උත්සාහයක.

colombotoday