මාලිගාවත්ත ඇපල් වත්ත ප්රදේශයේ පිහිටි පාළු නිවසක සැඟව සිටි අපරාධකරුවෙකු ලෙස සැලකෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට එහි ගිය මාලිගාවත්ත පොලීසියේ නිලධාරීන් කණ්ඩායමකට බෝම්බයකින් දමා ගැසීමට උත්සාහ කළේ යැයි කියන එම පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
එම බෝම්බය ද පොලිස් බාරයට ගෙන ඇති අතර එය මෙරට නිෂ්පාදිත එකක් බව මාලිගාවත්ත පොලිස පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු 48 හැවිරිදි වියේ පසුවන මාලිගාවත්ත ප්රදේශයේම පදිංචි අයෙකි.