Colombo Today Local News

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ට එරෙහි නඩුව කල්යයි

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව නැවත විමසීම පෙබරවාරි 23 වැනිදා දක්වා කල්දමා තිබේ.

සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී එම නඩුව අද (12)දින කැඳවු අවස්ථාවේදී එම තීරණය දැනුම් දී ඇත.

සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව නොවැම්බ්ර් මස 6 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලයේදී සිඩ්නි පොලිසියේ අත්අඩංගුවට පත්වුණි.

දින 11ක් පාර්ක්ලීහී පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක රැඳවා තැබීමේන් පසු ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 02ක මුදල් ඇපයක් මත ධනුෂ්ක ගුණතිලක මුඳාහරිනු ලැබු‍වේ නොවැම්බර් 17 වැනිදාය.

නමුත් ධනුෂ්ක ගුණතිලකට දැඩි කොන්දේසි රැසක් එහිදි පැනවු අතර එහිදි ධනුෂ්කට රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා ගමන් බිමන් ද තහනම් කළේය.

ඊට අමතරව පැමිණිලිකාරිය ඇමතීමට හෝ සම්බන්ධ කරගැනීමට කටයුතු කිරීමෙන් වැළකීම සහ ටින්ඩර් ඇතුළු යෙදුම් භාවිත කිරීමෙන් වැළකීමද ඇප කොන්දේසි අතර වුණි.

අද අධිකරණයේ නඩුව කැඳවු අවස්ථාවේදී සඳහන් කර ඇත්තේ, එම දැඩි නීති ඉදිරියටත් වලංගු බවය.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලකගේ නඩුව යළි පෙබරවාරි 23 වනදා කැඳවීමට නියමිතව තිබේ.

Related posts

බත්තරමුල්ලේ බන්ටි පොලිස් දැලේ පැටලෙයි

colombotoday

නෙලුවේ 7 හැවිරිදි දැරියක් අතුරුදන්

Admin

ලංකාව අධි අවධානම් කළාපයක.. කිලෝමීටර් 10ක් පහළින් නව භූචලන මගක් නිර්මාණය වෙමින් පවතී

colombotoday

බුදු දහමට අහිතකර වගන්ති රැසක් අළුත් ව්‍යවස්ථාවේ.. ඒකීයභාවය නමට පමණයි !

colombotoday

ජවිපෙන් මාරාන්තික ප්‍රහාරයක්.. රාජිත පිය පුතු දෙපළ හාන්සියි !

colombotoday

බුත්තල පාසලක ආහාර විෂ වීමක් – දරුවන් 22ක් රෝහලේ

colombotoday