ඇෆ්ගනිස්ථාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඉදිරිපිට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව තිබේ.
අවම වශයෙන් පුද්ගලයින් විසි දෙනෙකු පමණ මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බවට සැක පළ කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ගොඩනැගිල්ල තුළට පැමිණ පුපුරවා ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථව ගොස් ඇති අතර අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුව අසලදී පිපිරිම සිදුව තිබේ.
මෙහිදී පිපිරුමක් සහ පසුව වෙඩි තැබීමක් සිදුවූ බවට ද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.