විදුලි බිලටත් රීලෝඩ් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා අද (24)දින පාර්ලිමේන්තුවේදී පැවසීය.
එවිට ජනතාවට අවශ්‍ය නම් පමණක් රීලෝඩ් එකක් දමාගෙන විදුලි බලය ලබා ගැනීමට හැකියාව තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.
කලින් මුදල් ලැබෙන නිසා ඒ ක්‍රමවේදය විදුලිබල මණ්ඩලයටත් හොඳ බව ලොකුගේ මහතා සඳහන් කළේය.
පුංචිම මිනිහගේ සිට ඉහළම මිනිහා දක්වා මෙම විදුලි බිල ප්‍රශ්නය තිබෙන්නේ යැයි මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.