Colombo Today Local News

බසයක් පෙරලී 5කට තුවාල

යාපනය කොඩිකාමම් සිට පේදුරුතුඩුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස්රථයක් නෙල්ලිඅඩි ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් එහි ගමන්ගත් 5 දෙනෙකුට තුවාල සිදුව තිබේ.

කොඩිකාමම් ප්‍රදේශයේ සිට පේදුරුතුඩුව දක්වා ධාවනය වූ මෙම පෞද්ගලික බස් රථය නෙල්ලිඅඩි ප්‍රදේශයේදී එකවරම මාර්ගයෙන් ඉවතට පැන බස්රථය අනෙක් අතට පෙරලී ගොස් ඇත.

බස් රථය පෙරලී යන අවස්ථාවේදී බස්රථයේ මගීන් 10 කටත් අඩු ප්‍රමාණයක් සිටීම හේතුවෙන් හානිය අවම වී ඇති අතර එහිදී බස්රථයේ රියදුරු ඇතුලු මගීන් සිව් දෙනෙකු සුලු තුවාල ලබා ඇතැයි නෙල්ලිඅඩි පොලීසිය පවසයි.

Related posts

දිවයිනේ සියලු කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට රජයේ අවධානය

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම අත්හිටුවයි

colombotoday

එන්නත එපා කී රතන හිමි යුධ හමුදා රෝහලට ගොස් එන්නත ලබාගෙන

colombotoday

මුස්ලිම් ජාතියේ ඉවසීම නැතිවුණොත් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙයි – ෂිබ්ලි ෆාරුක්

colombotoday

බාලවයස්කාර දැරියන් අපයෝජනය කළ ටියුෂන් ගුරුවරයාට දෙමාපියන් දුන් දඬුවම

colombotoday

කිලිනොච්චියේ පිපිරීමක් කාන්තාවකට බරපතල තුවාල

colombotoday