Colombo Today Local News

මෙවර අයවැයට යෝජනා දෙන්න පෞද්ගලික අංශයට අවස්ථාව

ආර්ථිකය ගොඩනැඟීම සඳහා පෞද්ගලික අංශයෙන් ලබාදෙන යෝජනා මෙවර අයවැයට ඇතුළත් කිරීමට අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී පැවැති 2024 අයවැය පූර්ව සාකච්ඡාවකට එක්වෙමිනි.

රට මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් මිදී ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනයක් කරා ගමන් කිරීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳව ද ජනාධිපතිවරයා පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමඟ මෙහිදී සාකච්ඡා කර ඇත.

පෞද්ගලික අංශය දෙන යෝජනා සම්බන්ධයෙන් එක් එක් ක්ෂේත්‍රයන්ට අදාලව වෙන වෙනම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

එහිදී පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීහු රාජ්‍ය ආදායම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධව මෙන්ම, ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම, සංචාරක කර්මාන්තය, ඇඟළුම් කර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්ත නඟා සිටුවීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළහ.

Related posts

දිස්ත්‍රික්ක 07කට අනතුරු ඇඟවීමක්

colombotoday

IOC තවත් බාල ඉන්ධන තොගයක් ගෙන්වයි.. පළමු පරීක්ෂණයෙන් අසමත්

colombotoday

බුහාරි හන්දියේදී අල්ලස් ගත් පොලිස් සැරයන් දැලේ!

Admin

සහන රැසක් ගෙනෙන මාලිමා අයවැය අද

Admin

කොරෝනා මුස්ලිම් මරණ භුමිදානය කරන්නේනම් එයට රාජපක්ෂ පවුලේ සුසාන භුමිය යොදා ගන්න.

colombotoday

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් උතුරේ සංචාරයක

Admin