Colombo Today Local News

ත්‍රිකුණාමලයේ ඇති ඉන්දියානු රාජ්‍ය බැංකුවේ පස්වන ශාඛාව විවෘත කෙරේ..

ලංකාවේ දෙදින නිල සංචාරක නිරත ඉන්දියානු මුදල් ඇමැතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය අද(2)දින ත්‍රිකුණාමලයේ ස්ථාපිත ඉන්දියානු රාජ්‍ය බැංකුවේ ශ්‍රී ලංකාවේ පස්වන ශාඛාව විවෘත කිරිමට එක් විය.

ත්‍රිකුණාමලට පැමිණි ඉන්දියානු මුදල් ඇමැතිනිය නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා විසින් පිළිගනු ලැබු අතර බැංකුව විවෘත කිරිමට පෙර මුදල් ඇමැතිනිය කොණේස්වරන් කෝවිලේ විශේෂ දේව පුජාවකට ආණ්ඩුකාරවරයා සමග එක්වුහ.

බැංකුව විවෘත කරමින් ඉන්දියානු මුදල් ඇමැතිනිය මුල්ම ගණුදෙනු ආණ්ඩුකාරවරයා සමග සිදු කළාය.

අනතුරුව මෙම පිරිස චීන වරායේ පිහිටි ලංකා ඉන්දියානු තෙල් සමාගමේ සංචාරයක නිරතවුහ.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා ඉන්දියානු මහා කොමසාරිස් ගෝපාල් බංග්ලේ, ඉන්දියානු රාජ්‍ය බැංකුවේ සභාපති දිනේෂ් කුමාර් කරා යන මහත්වරුන් එක්වුහ.

Related posts

එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

යාලුවෙකුගේ පියාට පිහියෙන් ඇන්නා. බෝර්න් එගේන් වුනේ මැරෙන්න යද්දී. | වික්ටර්ට දෙවියන් පෙන්නූ ප්‍රධාන පූජක කියයි.

colombotoday

වැඩ බැරිද? ගුරුසේවා සංගමය අධ්‍යාපන ඇමතිගෙන් අසයි

colombotoday

ඥානසාර හිමිට එරෙහිව සන්ධ්‍යා එක්නැලිගොඩගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අභියාචනයක්

colombotoday

නව කතානායක අශෝක රන්වල?

Admin

ඉදිරි දින කිහිපයේදී වහලා තියෙන තත්වයෙන් රට මුදවා ගත යුතුයි

colombotoday