ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන ලෙස ඉල්ලමින් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට යැවූ බව කියන ලිපි තුනක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවට අද (20)දින ඉදිරිපත් කළේය.
මෙම ලිපි තුන සභාගත කරමින් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ බොරු චෝදනා ඇතුළත් මෙම ලිපි මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය නොමඟ යවා ඇති බවයි.
ක්‍රිකට් ආයතනයේ මෙම නිර්ලජ්ජිත උත්සාහය දේශද්‍රෝහී ක්‍රියාවක් බවද ඔහු ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කථානායකවරයාගේ අවසරය ඇතිව විශේෂ ප්‍රකාශයක් කරමිනි.