Colombo Today Local News

හිටපු ජනපති මෛත්‍රීගේ කාර්යමණ්ඩල ප්‍රධානියාට වසර 20ක සිර දඬුවමක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්යමණ්ඩල ප්‍රධානී කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මගින් නියම කළ සිරදඬුවම අද (11)දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථිර කර තිබේ.

2018 වසරේ මැයි මස කන්තලේ සීනි කම්හලේ යන්ත්‍රෝපකරණ පවරා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54ක අල්ලසක් ඉල්ලා ඉන් මිලියන 20ක් ලබාගත්තේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් කුසුම්දාස මහානාම සහ පියදාස දිසානායක යන විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු පවරා තිබුණි.

එම චෝදනාවලට වරදකරු කෙරුණු කුසුම්දාස මහානාම නමැති විත්තිකරුට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් බරපතළ වැඩ සහිත වසර 20ක සිරදඬුවම් හා රුපියල් 65,000ක දඩයක් නියම කර තිබුණි.

ඊට අමතරව පියදාස දිසානායක නමැති විත්තිකරුට ද බරපතළ වැඩ සහිත වසර 12ක සිරදඬුවම් නියම කළ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊට අමතරව ඔහුට රුපියල් 50,000ක දඩයක් ද නියම කරනු ලැබීය.

Related posts

ජැකලීන් ෆර්නැන්ඩස්ට මුදල් විශුද්ධිකරණ චෝදනා

colombotoday

ජනාධිපති මන්දිරයෙන් අරගලකරුවන් සොයා ගත් කෝටි 2ක ගෝඨා ඉල්ලයි

Admin

රට පනින්න ඉන්න අත්තනගල්ලේ නෝනා කෙනෙක් ගැන මහින්ද කියයි

colombotoday

මහ අනතුරක් අත ළග.. කටුගස්තොට ව්‍යාපාරිකයෙක් කන්දක් කපයි.. ප්‍රදේශවාසීන්ටත් යනෙන මං නැතිවෙයි !

colombotoday

ඉදිරි සතියේදී ළමා රෝහලේ කටයුතුත් අඩාළ වෙයි

colombotoday

ඩුබායි හි සඟවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ ගෝලයෙක් අත්අඩංගුවට

colombotoday