Colombo Today Local News

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් – විදෙස් ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තරුණයෙකු රෝහලේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් තුවාළ ලැබූ විදෙස් ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.

වෑන් රථයක් ලොරි රථයක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පළමු කිලෝමීටර් කණුව ආසන්නයේ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

මාතර දෙස සිට කඩවත දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ පසුපස වෑන් රථය ගැටී තිබේ.

අනතුරින් තුවාල ලබා ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවන වෑන් රථයේ රියදුරු සහ 59 හැවිරිදි වියේ පසුවන රුසියානු ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකි.

Related posts

බදු ප්‍රතිශත ඩබල් වෙයි.. වෑන් ලක්ෂ 25කින්, හයිබ්‍රිඩ් ලක්ෂ 5කින් වැඩි වෙයි

colombotoday

සංචරණ සීමා ඉවත් කළ පසු පළාත් තුළ පමණක් දුම්රිය සහ බස් ධාවනය කිරිමට සැලසුම්

colombotoday

කොටි සැකකරුවන්ට ඇප දෙනවාද? නැද්ද? තීරණය නීතිපති අතේ

colombotoday

රතන හිමිත් මහින්දට…

colombotoday

“මා දන්නා විග්නේෂ්වරන් ජාතිවාදියෙක් නොවේ..“ – මහින්ද

colombotoday

සාගර දේශසීමාවේ ආරක්ෂාව තර කරයි

colombotoday