Colombo Today Local News

පාරිභෝගික අධිකාරියෙන් දිවයින පුරා කෝටි 22ක වැටලීම්

මේ වසරේ ගත වූ කාලය තුළ දිවයින පුරා සිදු කළ වැටලීම්වලින් රුපියල් කෝටි 22ක මුදලක් දඩ ලෙස අය කරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි.

තොග සැඟවීම, භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් එම දඩ මුදල් අය කරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කර තිබේ.

පසුගිය ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ මෙම වැටලීම් සිදු කර ඇත.

එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 22,000ක් පමණ සිදු කර ඇති අතර, ඉන් 19,000කට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

ඊයේ (15) දිනයේ පමණක් පොළොන්නරුව සහ නුවරඑළිය ප්‍රදේශවල සිදු කළ වැටලීම් කිහිපයකින් රුපියල් ලක්ෂ 04ක මුදලක් දඩ ලෙස අය කරගෙන තිබේ.

ඉදිරියේ දීත් දිවයින පුරා අඛණ්ඩ ව වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

සමගි ජන බලවේගයේ නාමයෝජනා අහෝසි කරන්න ඉල්ලා ගොනු කල නඩුව සලකා බැලීම 22 දා

colombotoday

සුරාබදු දෙපාර්තමේන්තුවටත් පැන්න කොරෝනා නිලධාරියකු බිලි ගනී – 21ක් ලෙඩ කරයි

colombotoday

අධිවේගයේ ගාස්තු තත්පර 8න් ගෙවන්න අලුත් ක්‍රමයක්

colombotoday

අමෙරිකානු තානාපතිනිය මහ බැංකු අධිපති හමුවෙයි

Admin

රත්නපුර මහ රෝහලේ වාට්ටු දෙකක් වසා දමයි

colombotoday

රෝහල් සුළු සේවිකාවකට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට

Admin