Colombo Today Local News

වාලම්පුරියක් සමඟ හිටපු යුද හමුදා සෙබලෙක් මාට්ටු

බේරුවල ප්‍රදේශයට රුපියල් ලක්ෂ පහකට අලෙවි කිරීමට රැගෙන ආ වාලම්පුරියක් සමග හිටපු යුද හමුදා සෙබලෙක් බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මෙම වාලම්පුරිය දියතලාව ප්‍රදේශයේ සිට ත්‍රිරෝද රථයකින් බේරුවලට රැගෙන ඇවිත් තිබෙන බව ඒ සම්බන්ධව විමර්ශන කරන බේරුවල පොලිසිය පවසයි.

අත්අඩංගුවේ පසුවන 22හැවිරිදි සැකකරු කළක් හමුදාවේ සේවය කර ඇති අයකු බවත් පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

මෙම වාලම්පුරියේ බර ග්‍රෑම් 160 ක් බව පොලිසිය කියයි.

සැකකරු අද(15)දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

බස්රථවල පාර්සල් ප්‍රවාහනය තහනම්, අනවශ්‍ය ගමන්බිමන් එපා…

colombotoday

“අම්මට ආදරය කරනව වගේ මව්බිමට ආදරය කරන්න අපේ දරුවන් හුරුකළ යුතුයි” – හිටපු ජනපති

colombotoday

සෞඛ්‍ය සේවාවන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්ට සමුපකාර පිරවුම්හලෙන් ඉන්ධන

colombotoday

ශ්‍රී දළදාවට අපහාස කළ සේපාල් අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

Admin

වර්ග කිලෝමීටර් 26 ක් පුරා විහිදී ඇති යකඩ නිධියක් බුත්තලින් සොයා ගැනේ

colombotoday

රටපුරා විහාරස්ථාන වර්ගීකරණය කෙරේ… දානයවත් නැති විහාරස්ථාන 1940 ක් !

colombotoday