Colombo Today Local News

දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට… තිදෙනෙකු රෝහලේ

තලවකැලේ, හොලිරූඩ් තේ කර්මාන්තශාලව ප්‍රදේශයේදී තරුණයන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් තරුණයන් තිදෙනෙකු දරුණු කැපුම් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

දෙපිරිස අතර ඇති වු මෙම ගැටුමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලවකැලේ, ග්‍රේස්වෙස්ටන් වත්තේ පදිංචිව සිටි සිවඥානම් සජීවන් නැමති 22 හැවිරිදි තරුණයෙකි.

තුවාල ලැබු තරුණයන් තිදෙනා ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර උදෙසා නුවරඑළිය මහ රෝහල වෙත මාරුකොට යවා ඇති බවත්, තුවාල ලැබු එක් අයෙකු මියගිය තරුණයාගේ සහෝදරයෙකු බව තලවකැලේ පොලීසිය පවසයි.

වටගොඩ ප්‍රදේශයේ හා තලවකැලේ ග්‍රේස්වෙස්ටන් ප්‍රදේශයේ දෙපිරිසක් අතර කළක පටන් පැවැති ආරාවුලක් මුල්කර ගනිමින් මෙම ගැටුම ඇති වී තිබෙන බවත්, එම දෙපිරිස ඥාතීන් වන බවද පොලීසිය සිදු කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත.

Related posts

පිරිමි දරුවෙක් අපයෝජනය කළ නැටුම් ගුරුවරයා අත්අඩංගුවේ

colombotoday

‍රවී එජාපයෙන් නෙරපයි?

Admin

පියා ගෙල වැලලාගෙන. මවගේ සහ දරු දෙදෙනාගේත් මළ සිරුරු නිවසේදී හමුවෙයි.

Admin

මිනුවන්ගොඩ මුල්‍ය සමාගමක සේවකයෙකුට කොරෝනා

colombotoday

බීමතින් අලි බැලීම තහනම් කිරීම ඇතුළුව අලි ඇතුන් වෙනුවෙන් නව නීති රැසක්.

colombotoday

මැදපෙරදිගින් සල්ලි ගෙනත් විල්පත්තුවේ ගෙවල් හදන්න රජයේ අනුමැතිය ඕන නෑ – කැබිනට් ප්‍රකාශක

colombotoday