Colombo Today Local News

අධ්‍යාපන කාර්යාලයක වැසිකිළියක මළ සිරුරක්

ගම්පොළ අධ්‍යාපන කාර්යාලයේ වැසිකිළියක් තුළ පුද්ගලයෙකු මියගොස් සිටියදී සොයා ගෙන තිබේ.

ඊයේ (13) සවස් කාලයේදී ඒ පිළිබඳව ගම්පොළ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ අනුව ක්‍රියාත්මක වූ ගම්පොළ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

එසේ මියගොස් සිටියදී සොයාගෙන ඇත්තේ, ගම්පොළ අධ්‍යාපන කාර්යාලයේ බහුකාර්ය සහායකයෙකු ලෙස සේවය කළ රත්මල්කඩුව, ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.

ඥාතීන් මෘත ශරීරය හඳුනා ගැනීමෙන් අනතුරුව ගම්පොළ හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝග මත පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට ගම්පොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මත්පැන් මිල ඉහළට

colombotoday

අත්‍යාවශ්‍ය භාණ්ඩ සගවන වෙළෙදුන්ට වැඩ වරදී

colombotoday

උපන් බිමේ අනාතවූ උතුරේ සිංහලයන් වෙනුවෙන් ඥානසාර හිමිගෙන් විශේෂ ඉල්ලීමක්

colombotoday

රටම කැලඹූ තාජුඩීන් ඝාතනය ගැන යෝෂිත පළමුවරට කතා කරයි

colombotoday

ඌව මහඇමති විදුහල්පතිනියට තර්ජණය කර දණගසා වන්දවාගනී (Video)

colombotoday

ගෝඨා සමග රට දියුණු කරන ගමනට අපි සූදානම් – ගෙලිඔයේදී මුස්ලිම් ජනතාව කියයි

colombotoday