Colombo Today Local News

උපන් බිමේ අනාතවූ උතුරේ සිංහලයන් වෙනුවෙන් ඥානසාර හිමිගෙන් විශේෂ ඉල්ලීමක්

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම්  පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විශේෂ නිවේදනයක් නිකුත්කරමින් උතුරු නැගෙනහිර අවතැන් වූ සිංහල ජනතාව වෙනුවෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා. පහත දැක්වෙන්නේ එම නිවේදනයයි.

[mom_video type=”youtube” id=”TQHfJYcAYvs”]

22 මාර්තු 2016

මැතිතුමනි, මැතිනියනි,

උතුරු පළාතේ වවුනියාවේ බෝගස්වැව ජනපද වාසී අපා දුක් විඳින අපේ සහෝදර සිංහල ජනතාවට උපකාර පිණිසය

දෙමල බෙදුම්වාදය හා LTTE ත්‍රස්තවාදය නිසා උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් පන්නා දැමුණු හා අනාථ වූ විශාල සිංහල ජනගහනයෙන් සුලු පිරිසක් වවිනියාව බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි වූ අතර ආරම්භයේ සිට ඔවුන්ගේ සහයට සිංහල සිවිල් සංවිධාන සහය විය. වසර දහස් ගනනක් පැරණි මේ වනවිට විනාශයට යමින් පවතින බෞද්ධ සිද්ධස්ථාන වල පුරාවස්තු සහිත වන ප්‍රදේශ ආශ්‍රිත වූ මෙම ප්‍රදේශයේ කුඩා ගම්මාන 6 ක පවුල් 4500 පමණ පදිංචි විය. ඉතා දුෂ්කර වුත් මුලික පහසුකම් වලින් තොර වුත් මෙම ප්‍රජාවගේ මුලික අයිතිවාසිකම් පිලිබඳව සොයා බැලීමට පසුගිය රජය යටතේ යම් මට්ටමක කටයුතු සිදු වු අතර මෙම ප්‍රදේශ සශ්‍රීක බිම් ලෙස දියුණු වීම ආරම්භ විය.

එහෙත් කණගාටුවකට මෙන් පසුගිය වසරකට අධික කාලයක් නව රජය යටතේ මෙම පිරිස් ගැන කිසිදු සොයා බැලීමක් සිදු නොවන බව වාර්තා වී ඇත, මෙයට අමතරව උතුරු පළාත් සභාව යටතේ ඔවුන්ට වෙනස් කොට හා අසාධාරණ ලෙස සලකන බවත් අප වෙත වාර්තා වූ අතර එයට හේතුව වනුයේ සිංහලයින් මෙම පරදේශ වල සුළුතරයින් වීමය.

යම් පමණකින් ඔවුන්ගේ සහයට සිටි ආරක්ෂක අංශ වලට පවා ඔවුන්ට උපකාර කිරීමට තහංචි පැනවී අතර රාජ්‍ය සේවය මෙම සිංහලයින්ගේ මුලික මිනිස් අවශ්‍යතාවයන් පවා සැපයීම සිදු නොකොට ඔවුන් මෙම ප්‍රදේශවලින් පලවා හැරීමට පිඹුරුපත් සකසමින් කුමන්ත්‍රණ කරමින් සිටින බව පැහැදිලිය.

හිසට සෙවනක්, කුසට අහරක්, පිපාසයට දිය පොදක්, ගමන් යාමට නිසි මගක් , රෝගී වූ විට සුව සහයක් ඇතුළු මුලික පහසුකම් පමණක් නොව දරුවන්ට ඉගැනුම් පහසුකම, වැඩිහිටියන්ට ආදායම් ඉපයීමේ අවස්ථා ඔවුන්ට අහිමි කරමින් පවතී. බෝගස් වැව මිහිපිට අපායක් අපේ සහෝදර සිංහලයින් වෙනුවෙන් බිහි කොඅට ඇති බව පසුගියදා මෙම ප්‍රදේශයේ සංචාරය කල බොදු බල සේනා ප්‍රමුඛ ජාතික සංවිධාන වලට පැහැදිලිව දක්නට ලැබුනේ අප සමගේ ඇස වල කඳුළු ඉතිරි කරමිනි , මේ බව පහත දැක්වෙන වෙබ් සබැඳියෙන් දැක ගත හැක.

අපේ සහෝදර ජනතාවට අපගේ උපකාර අත්‍යවශ්‍ය මේ මොහොතේ අපට හැකි පමණින් වියලි අහාර, පානීය ජලය, දරුවන්ට පොත්පත් ඇතුළු පාසල් උපකරණ හදිසි අවශ්‍යතාවන් සේ සලකා සැපයිය යුතුය. අනතුරුව අප විසින් මේ ජනතාව වෙනුවන් දිගු කල පවතින වැඩපිළිවෙලක් දියත් කල යුතුය.

අප්‍රියෙල් මස 2 වන දින බෝගස් වැව ප්‍රදේශයට ගොස් මෙම මුලික `’දිවි සරණ” අප සැලසුම් කර ඇති බැවින් ඔබගේ ආධාර හා උපකාර අප්‍රියෙල් මස 1 දින ට ප්‍රථම ලබා දීමට කාරුණික වන්න.

වැඩි විස්තර සඳහා මා (0094 713222260), දිලන්ත(0094 773218677) එරන්ද ( 0094 715600065 ) ඇමතිම හෝ SMS එවීම සිදු කල හැක. `

-Bank Account –
Bodu Bala Sena Subasadana
Bank Of Ceylon – Thibirigasyaya
A/C – 74948616
SWIFT Code – BCEYLKLX

ඔබට තෙරුවන් සරණයි.

මෙයට
ගලගොඩඅත්තේ ඥානසාර හිමි
මහලේකම් හිමි- බොදු බල සේනා

 

Related posts

”අඩු තරමේ මංගලටවත් නොකිය ඉන්න තිබුණා…” රෝහිතගේ මගුලට ආරාධනා නොලැබූ මධුමාධව බුකියේ දාපු පොස්ට් එක..

colombotoday

ආණ්ඩුවට විරුද්ධව පාගමන් ගියොත් වෙනදේ බලාගමු !

colombotoday

විගණකාධිපතිට එරෙහිව ඒකාබද්ධයෙන් විශ්වාසභංගයක්

colombotoday

ගුවන්සේවා 4 ක් ශ්‍රී ලංකාව සමඟ අලුතින් ගුවන් ගමන් ඇරැඹිමට සාකච්ඡා | ඉදිරියේදී දිනකට සංචාරකයින් 1000 ක් දිවයිනට

colombotoday

Dialog සාමාගමෙන් තවත් අසාධාරණයක්. – පාරිභෝගිකයාගේ රැකියාව “මාධ්‍යවේදී” කීව සැනින් අසාධාරණය නිවැරදි කරයි.

colombotoday

මෙල්බර්න් කම්බිවලට එරෙහිව සංවිධාන කිහිපයක් අධිකරණයට

colombotoday